ඇෆ්ගනිස්තානයට ගංවතුර…

0
341

ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එරට පුද්ගලයින් 31 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව තලිබාන් පාලනය නිවේදනය කරයි.

ඇෆ්ගනිස්ථානයේ උතුරු පර්වාන් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද සිටින බව සඳහන්.

මීට අමතරව තුවාල ලැබූ තවත් 17 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

හදිසි ගංවතුර තත්ත්වයත් සමග තවත් පුද්ගලයින් 100 කට අධික පිරිසක් අතුරුදන් වී ඇති අතර ඔවුන් සොයා මේ වන විට සෝදිසි මෙහෙයුම් දියත් කර තිබේ.

පර්වාන් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක තුනකට බලපෑ මෙම හදිසි ගංවතුර තත්ත්වයෙන් නිවාස රැසක් ද හානියට පත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here