පාකිස්ථාන නිදහස් දිනය “කළු දිනයක්” වූ අයුරු

0
434

75 වන පාකිස්ථාන නිදහස් දින උත්සවය “කළු දිනයක්” ලෙස නම් කිරීමට එරට විපක්ෂය නියෝජනය කරනු ලබන පක්ෂ සහ දේශපාලන ක්‍රියාකාරීන් කටයුතු කරනු ලැබුවා .

ඒ, එරට තුළ ක්‍රියාත්මක වන ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය (IS) සහ තලිබාන් සටන්කාමින් විසින් උතුරු සහ දකුණු වසිරිස්තාන් හි ජනතාවගේ ජිවිතයට එල්ල කරනු ලබන බලපෑම් නතර කිරිමට සහ ජන ජීවිතය ආරක්ෂා කිරිමට පාකිස්ථාන ආරක්ෂක අංශ අපොහොසත් වීම ගැන චෝදනා එල්ල කරමින්.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නායකත්වය දරන පාකිස්ථාන් ටෙහ්රික් -ඊ- ඉන්සාෆ් පක්ෂය ඇතුළු ආණ්ඩු විරෝධී දේශපාලනකණ්ඩායම් විසින් එරට ප්‍රධාන පෙලේ නගර ගණනාවක රාජ්‍ය විරෝධී රැළි පවත්වමින් සිටියි.

75 වන නිදහස් දින උත්සවය අමතමින් හිටපු අගමැති ඉම්රාන් ඛාන් සඳහන් කලේ ඇතැම් පුද්ගලයින් සිය පක්ෂය හා හමුදාව අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටින බවයි.

මේ අතර ඔහු වැඩිදුරටත් චෝදනා කලේ තමන්ව බලයෙන් පහ කිරිමට අමෙරිකාව ඇතුළු කණ්ඩායම් කටයුතු කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here