චීනයේ කෝවිඩ් වැළැක්වීමට අපොහොසත් වූ නිලධාරීන් දොට්ට

0
386

මෑතකාලීනව කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් චීනය, ටිබෙටයේ සෞඛ්‍ය නිලධාරීන් තිදෙනෙකු ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කර තිබේ.

සේවයෙන් පහකරන ලද නිලධාරීන් අතර ටිබෙටයේ අගනුවර වන ලාසා හි නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාවේ පක්ෂ ලේකම් සහ අධ්‍යක්ෂ මෙන්ම රෝග පාලනය සහ වැළැක්වීමේ නගර මධ්‍යස්ථානයේ පක්ෂ ලේකම් ද ඇතුළත් වන බව පළාත් පාලන ආයතනය පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයක දැක්වේ.

කොවිඩ් වැළැක්වීම සහ පාලන කටයුතු හොඳින් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සේවයෙන් පහකිරීම් සිදුව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර ටිබෙටය පසුගිය සඳුදා කොවිඩ් ආසාදිතයන් හතරක් වාර්තා කර තිබිණ.

මේ පසුබිම හමුවේ, ටිබෙටයේ ලාසාහි ඇඳන් 2,000 ක් සහ ෂිගාට්සේ නගරයේ ඇඳන් 1,000 ක් සහිත නව කොවිඩ් ප්‍රතිකාර රෝහල් ඉදිකරමින් සිටින බව ද සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here