ආරක්ෂක කවුන්සිලයේ ‘හදිසි’ ප්‍රතිසංස්කරණ සඳහා වන ඉන්දියාවේ ඉල්ලීමට ප්‍රංශයේ සහාය

0
364

ඉන්දියාවේ දිගුකාලීන ඉල්ලීමට පිටුබලය දෙමින්, ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ (UNSC) හදිසි ප්‍රතිසංස්කරණ සඳහා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ආරක්ෂක කවුන්සල රැස්වීමකදී අදහස් දක්වමින් ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික ශෙරාස් ගාස්රි පැවසුවේ, ප්‍රංශය එහි තීරණ ගැනීමේ ස්වභාවය ආරක්ෂා කරමින් එහි අධිකාරිය සහ නියෝජිතත්වය ශක්තිමත් කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලය පුළුල් කිරීමට පක්ෂව සිටින බවයි.

මෙහිදී , ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයා කවුන්සිලයේ සඵලතාවය ශක්තිමත් කිරීම සඳහා සමූහ ක්‍රියාවලදී නිෂේධ බලය භාවිතා කිරීම පිළිබඳ පුලුල් මුල පිරීමක් ඉල්ලූ බව විදෙස් වාර්තාවල දැක්වේ.

එම රැස්වීමේදීම එක්සත් ජාතීන්ගේ ඉන්දියාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ආර් රවීන්ද්‍ර පැවසුවේ, තේරී පත් වූ සහ ස්ථීර වූ සියලුම සාමාජිකයින් ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා දායක වීමේ බර එකසේ බෙදාහදා ගත යුතු බවයි.

එහිදී ඔහු තීරණ ගැනීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කරන ක්‍රම කිහිපයක් යෝජනා කර ඇති අතර ප්‍රංශය ඊට සහාය පළ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here