සීමා වාසික වෛද්‍ය පත්වීම් 1034 ක් හෙට පිරිනැමේ..

0
552

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් සඳහා හෙට දිනයේ පත්වීම් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

හෙට(26)  පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම පත්වීම් ලබාදීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී සෞඛ්‍ය සේවාවේ කටයුතු කිරීමට කැමැත්ත පළ කළ වෛද්‍යවරුන් 1034දෙනෙකු  සඳහා මෙම පත්වීම් ලබාදීමට සැළසුම් කර තිබේ.

ගුණාත්මක සෞඛ්‍ය සේවාව ග්‍රාමීය මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව නවක වෛද්‍යවරුන් සඳහා පත්වීම් ලිපි ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here