සයිබර් යුද්ධයකට සූදානම් වෙමු! – ජනපති

0
850

අනාගතයේදී  භූමියේ ගුවනේ මුහුදේ පමණක් නොව සයිබර් අවකාශයේ ද යුද්ධ සිදුවිය හැකි බැවින් එවැනි තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමින් ලාංකික රණවිරුවන් සන්නද්ධ  කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සාර්ථක හමුදාවක් බිහිකිරීමට විනයක් පුහුණුවක් හා දැනුමක් අවශ්‍ය බව කී ජනාධිපතිවරයා ශ්‍රීමත්  ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මේ සියලු කාරණා ඉටු කරමින් සිටින බවද කීය.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ ජනරාල් ශ්‍රීමත්  ජෝන්  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජනාධිපතිවර්ණ හා විශ්වවිද්‍යාල වර්ණ ප්‍රදානය සිදු කිරීම වෙනුවෙන් ඊයේ (25) පස්වරුවේ පැවති උත්සවයට සහභාගි වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here