අවංකව වැඩ කරන්නේ රාජ්‍ය සේවකයින් ලක්ෂ 6ක් පමණයි…

0
326

ලක්ෂ 16ක් පමණ වු ලංකාවේ රාජ්‍ය සේවයේ නිරතවුවන්ගෙන් දස ලක්ෂයක් පමණ කිසිදු ඵලදායී සේවාවක් සිදුනොකරන බව කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රාජ්‍ය සේවය රාජ්‍ය සේවකයින් විසින්ම විවේචනය කරන තත්ත්වයට පත්ව ඇති බවය.

එම ප්‍රකාශය පහතින්,

“දේශපාලඥයින්ට තියෙනවා ලොකු කැපකිරීමක් කරන්න.ඒ අයට මහන්සි වෙන්න වෙනවා. ජනතාවගේ ප්‍රශ්නවලට ක්ෂණික තීන්දු දෙන්න ඕනේ. ඒ වගේම තමා රාජ්‍ය සේවය.

රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ඉන්නවා. මම බොහෝම පැහැදිලිවම කියනවා අවංකව තමන්ගේ සේවය කරන්නේ මේ ලක්ෂ 16 යෙන් ලක්ෂ 6යි. ඒක තමා ඇත්ත. රාජ්‍ය සේවකයෝමයි විවේචනය කරන්නේ රාජ්‍ය සේවය. තුන්දා නීතිය වගේ වැඩපිළිවෙලක් ගේන එක අනිවාර්යයෙන්ම කාලෝචිතයි කියන එක අපි දන්නවා.

ඒ නිසා මෙවැනි ක්‍රියාමාර්ග ගත යුතුමයි. මෙතැනින් එහාට වැටෙන්න තැනක් නෑ. උපරිම වැටිලා ඉන්නේ. හැබැයි ගොඩඑන එක වේගයෙන් ගොඩ එන්න පුළුවන් දේශපාලඥයා සහ රාජ්‍ය සේවකයා කැපවීම් කළොත්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here