Saturday, September 21, 2024

චීනය ආරක්ෂාවට තර්ජනයක් – අමෙරිකාව කියයි.

සිය න්‍යෂ්ටික අවි ගබඩා පුළුල් කරන ලොව එකම ජාතිය චීනය බව අමෙරිකානු නාවික හමුදාවේ ඉන්දු – පැසිෆික් කලාපීය අණදෙන නිලධාරී අද්මිරාල් ජෝන් ඇක්වලීනෝ පවසා තිබේ.

එය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බව ද ඔහු පෙන්වා දෙයි.

ඉන්දුනීසියාවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අද්මිරාල් ජෝන් ඇක්වලීනෝ පැවසුවේ මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන 300 ක් පමණ චීනය සතුව මේවනවිටත් පවතින බවයි.

න්‍යෂ්ටික අවි ආයුද පිළිබඳ කථාබහ කරන කෙනෙකු හෝ ඒ පිළිබඳ අවධානය යොමු කරන කෙනෙකු වේ නම් ඔවුන් චීනය දෙස බැලිය යුතු බව ද ඔහු සඳහන් කර ඇත.

ඔස්ට්‍ර්ලියාව, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව විසින් එළඹ ඇති AUKUS ආරක්ෂක ගිවිසුමට චීනය විරෝධය පළ කර ඇති අතර ඔවුන් පවසන්නේ එම ගිවිසුම ආරක්ෂාවට තර්ජනයක් බවයි.

චීනයේ එම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් අද්මිරාල් ජෝන් ඇක්වලීනෝ ද මෙම අදහස් පළ කර තිබේ.

2030 වසර වනවිට මිසයිල මගින් රැගෙන යා හැකි න්‍යෂ්ටික උණ්ඩ 1000 ක් පමණ තමන් සතු කර ගැනීම චීනයේ අරමුණ බව අමෙරිකාවේ අදහසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles