පකිස්ථානයේ විදුලිබල ක්ෂේත්‍රයත් අර්බුදයක.

0
398

පකිස්ථානයේ විදුලිබල ක්ෂේත්‍රය දැඩි අර්බුදයක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊට හේතුව වන්නේ එරට විදුලිබල ක්ෂේත්‍රය තුළ ඇති අධික ණය බරයි.

පකිස්ථානයේ පොදු ගිණුම් කාරක සභාව විසින් අනාවරණ කර ඇති පරිදි එරට විදුලි බල ක්ෂේත්‍රයේ සමස්ථ ණය ප්‍රමාණය මේවනවිට රුපියල් ට්‍රිලියන 2 යි දශම 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් රුපියල් ට්‍රිලියන 1 යි දශම 6 ක ණය ප්‍රමාණය එකතු වී ඇත්තේ වසරක් තුළදී බව ද එරට පොදු ගිණුම් කාරක සභාව සදහන් කර ඇත.

පකිස්ථානයේ විදුලිබල ක්ෂේත්‍රය මෙලෙස ණය උගුලක සිරවීමට බලපා ඇති ප්‍රධාන හේතුව නිසි කළමනාකාරීත්වයක් නොමැති බලශක්ති ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු බව ද එරට පොදු ගිණුම් කාරක සභාව පෙන්වා දෙයි.

යල් පැන ගිය තෙල් පිරිපහදු ප්‍රතිපත්තිය සහ සෞවුදිය වැනි රටවලින් ගලා එන ආයෝජන බලශක්ති ක්ෂේත්‍රයට එක් නොකිරීම හමුවේ පකිස්තානය මෙවැනි අධික ණය බරකට මුහුන පා සිටින බව පොදු ගිණුම් කාරක සභාව පෙන්වා දෙයි.

පකිස්ථානයේ පිරිපහදු මධ්‍යස්ථානවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එරට පෙට්‍රල් සහ ඩීසල් සියයට 70 ක ප්‍රමාණයක් ආනයනය කරන බවත් පිරිපහදු මධ්‍යස්ථානවලින් ලබා ගන්නා පිරිපහදු කළ ඉන්ධන ප්‍රමාණය සියයට 30 ක පමණ බවත් වාර්තා අනාවරණ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here