ඇෆ්ගන් ගුවන් නියමුවන් යුක්රේන යුද බිමට

0
516

අමෙරිකාවේ, කැලිෆෝනියා හි සිටින හිටපු ඇෆ්ගනිස්ථාන ගුවන් නියමුවන් පුහුණු කොට ඔවුන් පෝලන්තය හරහා යුක්‍රේනයට යැවීමට පෙන්ටගනය සුදානම් වන බව රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.

යුධ පුහුණුව ලබන ඇෆ්ගන් සොල්දාදුවන් විශේෂ ඒකකයක් ලෙස පිහිටුවීමට නියමිත බව ද රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් මෙම රුසියානු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අමෙරිකාව මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති අෂ්රෆ් ගහානි ගේ බලය බිඳ වැටීමෙන් පසු එරට හමුදා භට පිරිස් හා ගුවන් නියමුවන් තජිකිස්ථානය, උස්බෙකිස්ථානය මෙන්ම මැදපෙරදිග රටවල් සහ අමෙරිකාව බලා පළා ගියා.

ඒ, තලෙයිබාන් සටන්කාමින්ගෙන් සිය ජීවිත බේරා ගැනීම සදහායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here