හිටපු ජනපති ලක් දෙරණට පා තබයි!

0
583
Sri Lankan presidential candidate Gotabaya Rajapaksa on stage Wednesday in Homagama.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට නැවත දිවයිනට පැමිණි බව අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කර සිටිනවා.

හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියා.

ඉකුත් ජුලි මස 09 වෙනිදා ඇතිවූ මහජන නැගටීමත් සමග ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින බලා ගිය අතර පසුව ජුලි මස 14 වෙනිදා සිංගප්පුරුවට පැමිණීමෙන් පසු ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූවා.

දිවයිනට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද ලබාදීමට රජය කටයුතු කර ඇති බවයි වාර්තා වුයේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here