ඉන්ධන කෝටා වැඩිකිරීම සම්බන්ධව බලශක්ති ඇමතිගෙන් දැනුම් දීමක්.

0
332
kanchana

ඉන්ධන කෝටා වැඩිකිරීම් සඳහා වූ විශේෂ කාණ්ඩය තෝරා ගත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතනවල මෙම සතියේ පරීක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා.

සංචාරක ඉන්ධන බලපත්‍ර සහ වාහන නොවන කාණ්ඩය ලබන සතියේ හඳුන්වා දෙන බවයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන්නේ.

QR කේතය හරහා ඉන්ධන නිකුත් කිරීමේදී සිදුවන නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක් හඳුන්වා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව ඉන්ධන ලබා ගැනීමේදී ලැබෙන කෙටි පණිවිඩයට, ඉන්ධන පිරවුම්හල් කේතය එක් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here