උඩරට විවාහ හා දික්කසාද පනත් කෙටුම්පත ගැසට් කරයි.

0
684

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙන අතර  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ පනත් කෙටුම්පත ගැසට් කර ඇත.

එම නව පනත් කෙටුම්පත මගින් බාල වයස්කරුවෙකුගේ විවාහය සඳහා නිසි බලධරයෙකුගේ කැමැත්ත ලබාගැනීමේ අවශ්‍යතාව ඉවත් කර ඇති අතර එමඟින් උඩරට නීතියට යටත් සියලුම තැනැත්තන් සඳහා විවාහ වීමේ අවම වයස අවුරුද 18ක් බවට පත් කර තිබේ.

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීමට පසුගිය අගොස්තු මස පළමුවැනි දින අනුමැතිය හිමිවු අතර එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතය.   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here