ස්ටීව් හෑන්ක් මහාචාර්යවරයා ලංකාව 4 වැනි තැනට ගෙනෙයි!

0
325

ලෝකයේ දුර්වල මුදල් ඒකක සහිත රටවල ආහාර උද්ධමන අර්බුදයක් ඇති වී ඇතැයි එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා පැවසුවේය.

මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 91 බවත් ලෝකයේ ආහාර උද්ධමන අර්බුදයකට මුහුණදී සිටින රටවල් අතරින් හතරවෙනි ස්ථානය හිමිවන බවත් පැවසෙයි.

එම ශ්‍රේණි ගත කිරීමට අනුව පළමු වෙනි ස්ථානය සිම්බාබ්වේටත්, දෙවැනි ස්ථානය ලෙබනනයටත්, තුන්වෙනි ස්ථානය වෙනිසියුලාවටත් හිමිව ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම ලෝක බැංකුවේ ඉකුත් 15 වෙනිදා යාවත්කාලීන කරන ලද දත්ත මත පදනම් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here