ඉන්දියාවෙන් බංග්ලාදේශයට තිරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක්

0
285

ඉන්දියාව බංග්ලාදේශයට තිරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ හතරක් යවා ඇති බව ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා ප්‍රකාශ කරයි.

අනාගතයේදී තිරිඟු සැපයුම ඉන්දියාවේ බෝගයේ තත්ත්වය සහ බංග්ලාදේශයේ අවශ්‍යතා මත රඳා පවතින බව ද ඔහු පැවසීය.

බංගලාදේශ අගමැතිනි ෂීක් හසීනාගේ සංචාරය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ක්වාත්‍රා පැවසුවේ, ඉන්දියාව තිරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් බංග්ලාදේශයට යවා ඇති බවයි.

සබඳතා සම්බන්ධයෙන් දෙරට අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් දෙකක් ද ඔහු මෙහිදී සිහිපත් කල අතර ෂෙයික් හසීනාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් තබා ඇත.

දුම්රිය ව්‍යාපෘති සම්බන්ධයෙන් විදේශ ලේකම් ක්වාත්‍රා පැවසුවේ දෙරට අතර අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබා ඇති බවයි.

විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් පිළිබඳ නිල සංවාදය මේ වසරේ ආරම්භ වන බව ද ඔහු මෙහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here