Friday, September 20, 2024

මෙහෙයුමකදී සිදූවූ මරණයක් සමග පාකිස්තානයේ විරෝධතා

ප්‍රචණ්ඩකාරීන් මර්දනය කිරීමේ මෙහෙයුමක් අතරතුර පලා යමින් සිටියදී ප්‍රදේශවාසියෙකු විදුලි සැර වැදී මියයාමෙන් පසු වෙළඳුන් සාප්පු වසා දමා පාකිස්තානයේ මන්සෙහ්රා හි පොලිස් මුරපොළකට කඩා වැදී විරෝධතා පවත්වමින් ඇති බව වාර්තා වේ.

ගාසිකොට් නගරයෙන් පිටත කරකෝරම් අධිවේගී මාර්ගය ද අවහිර කර සිරුර ඒ මත තැබූ විරෝධතාකරුවන්, මෙහෙයුම මෙහෙයවූ සහකාර කොමසාරිස්වරයාට සහ ඇගේ ආරක්ෂකයාට එරෙහිව මිනීමැරුම් නඩුවක් ගොනු කරන ලෙස ඉල්ලා සිටි බව ඩෝන් වාර්තා කළේය.

විදුලිසැර වැදීමෙන් මියගොස් ඇත්තේ මොහොමඩ් අසීෆ් නැමැත්තා වන අතර විරෝධතාකරුවන් කියා සිටියේ මෙහිදී පලායමින් සිටි පුද්ගලයාව අත්අඩංගුවට ගන්නා ලෙස සහකාර කොමසාරිස්වරයා ඇයගේ ආරක්ෂකයාට සහ පොලිස් නිලධාරියෙකුට නියෝග කළ බවයි.

Jamiat Ulema-e-Islam නායකයන් වන මුෆ්ටි කිෆටුල්ලා සහ හිදයතුල්ලා ෂා සහ වෙළඳ සංවිධානයේ සභාපති විසින් මෙම විරෝධතාව මෙහෙයවන ලද අතර විරෝධතාකරුවෝ දිස්ත්‍රික් පරිපාලනයට එරෙහිව සටන් පාඨ කියමින් සිටි බව පැවසේ.

නියෝජ්‍ය කොමසාරිස් සහ දිස්ත්‍රික් පොලිස් නිලධාරියා ප්‍රකාශ කළේ මූලික විමර්ශනයේදී පළමු තොරතුරු වාර්තාව (FIR) ලියාපදිංචි කිරීම පිළිබඳ තීරණය ගන්නා බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles