Friday, September 20, 2024

ඉන්දියාව සහ ප්‍රංශය අතර එකගතා රැසක්

ප්‍රංශ විදේශ අමාත්‍ය කැතරින් කොලොනා සිය පළමු නිල සංචාරය සඳහා ඉන්දියාවට පැමිණි අතර එහිදී ඇය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් විසින් පිළිගෙන සාර්ථක සාකච්ඡා රැසක් පවත්වා ඇති බව වාර්තා වේ.

කොලොනා සැප්තැම්බර් 14-15 දක්වා ඉන්දියාවේ සංචාරය කළ අතර ලබන වසරේ එහි 25 වැනි සංවත්සරයට පෙර ඉන්දු-ප්‍රංශ උපායමාර්ගික හවුල්කාරිත්වය ගැඹුරු කිරීමට සහ පුළුල් කිරීමට සැලැස්මක් සමඟ ඉදිරියට යාමට ඇය සාකච්ඡා පවත්වා තිබේ.

මෙම සංචාරය ඉන්දු පැසිෆික් කලාපයට ප්‍රංශයේ නොසැලෙන කැපවීම සහ ගෝලීය අක්‍රමිකතා සඳහා සම්මත විසඳුම් සෙවීම සඳහා ඉන්දියාව සමඟ එක්ව කටයුතු කිරීමට ඇති අධිෂ්ඨානය ද පෙන්නුම් කරනු ලබන බව විචාරක මතයයි.

ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යවරිය ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවී කලාපීය සහ ගෝලීය ආරක්ෂක ගැටළු, ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම ඉන්දියාව සමඟ ප්‍රංශයේ ත්‍රස්ත විරෝධී සහයෝගීතාවය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles