Friday, September 20, 2024

ෂැංහයි සහයෝගීතා සංවිධානයේ ප්‍රථම සංචාරක හා සංස්කෘතික අගනුවර ලෙස වාරනාසි නම් කෙරේ

උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පසුගියදා පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවේදී 2022-2023 කාලය සඳහා ඉන්දියාවේ වාරනාසි නගරය ප්‍රථම SCO සංචාරක සහ සංස්කෘතික අගනුවර ලෙස නම් කර තිබේ.

පළමු වරට SCO සංචාරක හා සංස්කෘතික අගනුවර ලෙස වරනාසි නම් කිරීම ඉන්දියාව සහ SCO සාමාජික රටවල් අතර සංචාරක, සංස්කෘතික සහ මානුෂීය හුවමාරුව ප්‍රවර්ධනය කරනු ඇති බවට විශ්වාස කෙරේ.

එය SCO හි සාමාජික රාජ්‍යයන්, විශේෂයෙන් මධ්‍යම ආසියානු ජනරජයන් සමඟ ඉන්දියාවේ පුරාණ ශිෂ්ටාචාර සබඳතා ද අවධාරණය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක දැක්වේ.

මේ අනුව 2022-23 කාලය තුළ වාරනාසි හි උත්සව ගණනාවක් පවත්වනු ලැබීමට නියමිත අතර, ඒ සඳහා SCO සාමාජික රටවලින් සහභාගී වීමට අමුත්තන්ට ආරාධනා කරනු ලැබේ.

මෙම සිදුවීම් ඉන්දීය විද්‍යාඥයින්, විද්වතුන්, කතුවරුන්, සංගීතඥයින් සහ කලාකරුවන්, ඡායාරූප මාධ්‍යවේදීන්, සංචාරක බ්ලොග්කරුවන් සහ අනෙකුත් ආරාධිත අමුත්තන් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles