Saturday, September 21, 2024

චීන ජනාධිපති පුටින් ඇතුළු නායකයින් සමඟ රාත්‍රී භෝජනය මග හරියි

කොවිඩ් -19 ප්‍රතිපත්තියට අනුකූලව උස්බෙකිස්තානයේ පැවති කලාපීය ආරක්ෂක සමුළුවකදී රාජ්‍ය නායකයින් 11 දෙනෙකු සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහයකින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් සෙසු පිරිසෙන් ඈත්ව සිටි බව උස්බෙක් වාර්තා සදහන් කරයි.

වසංගතය ආරම්භයේ සිට ඔහුගේ පළමු විදේශ සංචාරය ලෙස, චීන ජනාධිපති මෙම සතියේ උස්බෙක් නගරයේ සමර්කන්ඩ් හි චීනය සහ රුසියාව ප්‍රමුඛ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රැස්වීමකට සහභාගී වනු ලැබීය.

කෙසේ වෙතත්, පසුගිය බ්‍රහස්පතින්දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ තුර්කියේ තායිප් එර්ඩෝගන් ඇතුළු නායකයින් එක්වූ රාත්‍රී භෝජන සංග්‍රහයේ සමූහ ඡායාරූපවලට ඔහු පැමිණ සිටි නැති බව සදහන් වේ.

උස්බෙකිස්තාන රජයේ මූලාශ්‍රයක් ෂීගේ නොපැමිණීම තහවුරු කළ අතර චීන නියෝජිත පිරිස සිය කොවිඩ්-19 ප්‍රතිපත්තිය ඊට හේතුව ලෙස සඳහන් කළ බව පැවසීය.

මේ වන විට 69 හැවිරිදි ෂී, ලබන මාසයේ ආරම්භ වන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී ඓතිහාසික තුන්වන නායකත්ව ධුර කාලයක් ලබා ගැනීමට සූදානම් වන බව ද වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles