යුරෝපීය මන්ත්‍රීවරු චීනයේ උයිගර් ජන සංහාරය පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලති.

0
330
Ethnic Uighur demonstrators take part in a protest against China, in Istanbul, Turkey, October 1, 2021. REUTERS/Dilara Senkaya TPX IMAGES OF THE DAY - RC2Y0Q95DU5Z

උයිගර් සහ තුර්කි ජාතිකයින්ට එරෙහිව චීන නිලධාරීන් විසින් සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා යුරෝපීය පාර්ලිමේන්තුවේ සාමාජිකයින් 38 දෙනෙකු ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩුපැවරීම් නිලධාරී කරීම් ඛාන් වෙත ලිපියක් යොමු කර තිබේ.

බලහත්කාරයෙන් වැඩ කිරීම, වධහිංසා පැමිණවීම සහ බලහත්කාර වන්ධ්‍යාකරණය වැනි කුරිරුකම්වලට උයිගර්වරුන් චීනයේ දී මුහුණ දී සිටිති.

මෙම අපරාධ ටජිකිස්තානය වැනි ජාත්‍යන්තර අපරාධ අධිකරණ (ICC) භූමි ප්‍රදේශයෙන් ආරම්භ වී චීනය දක්වා අඛණ්ඩව සිදුවන බැවින් විමර්ශනය කිරීමට ICC හට අධිකරණ බලය ඇති බව ටජිකිස්තාන රජය පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් මෑතකදී චීනයේ මානව හිමිකම් සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවෙන් පසුව යුරෝපීය පාර්ලිමේන්තුවේ සාමාජිකයින් මෙම ලිපිය යවා ඇත.

මේ අතර නැගෙනහිර තුර්කිස්ථානයේ උයිගර් සහ අනෙකුත් තුර්කි ජාතිකයන් චීනය විසින් සිදු කරන ජන සංහාරය පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලා යුරෝපා සංගම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉදිරිපත් කල ලිපිය අගය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here