චීනයේ යුද අභ්‍යාස මැද ඇමරිකාව තායිවානය සමඟ සමීප ආර්ථික සබඳතා අරඹයි.

0
314

එක්සත් ජනපද සභා කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් පසු, තායිවානය ආශ්‍රිතව චීනයේ යුධ අභ්‍යාසවල සිදුවූ වර්ධනය හමුවේ බයිඩෙන් පරිපාලනය තායිපේ සමඟ සමීප ආර්ථික සබඳතාවයක් ඇති කරගනිමින් සිටින බව වාර්තා වේ.

කොන්ග්‍රස් සභා පරිපාලන ප්‍රබලයින් චීනය අධික ලෙස ප්‍රතික්‍රියා කිරීම සහ තායිවානයට එක්සත් ජනපද සහයෝගය වැළැක්වීමට උත්සාහ කිරීම විවේචනය කර තිබේ.

නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට චීනය ප්‍රතිචාර දැක්වූයේ දින හතරක් පුරා දිවයින පුරා ප්‍රකෝපකාරී හමුදා අභ්‍යාස පවත්වමිනි.

මේ අතර එක්සත් ජනපද හමුදා තායිවානය චීන ආක්‍රමණයකින් ආරක්ෂා කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

කලාපීය ස්ථාවරත්වය කඩාකප්පල් කර තායිවාන බෙදුම්වාදය දිරිමත් කරන බවට චීනය ද එක්සත් ජනපදයට චෝදනා කර ඇත.

චීනයේ පලාතක් වශයෙන් තායිවානය ප්‍රධාන භූමිය සමඟ යලි ඒකාබද්ධ කළ යුතු බවත් අවශ්‍යනම් එය බලහත්කාරයෙන් වුවද සිදුකල යුතු බවත් චීනය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here