පකිස්තානයේ අන්තර්ජාල භාවිතයට සීමා පැනවීමේ අවදානමක්

0
276
A man holds a laptop computer as cyber code is projected on him in this illustration picture taken on May 13, 2017. Capitalizing on spying tools believed to have been developed by the U.S. National Security Agency, hackers staged a cyber assault with a self-spreading malware that has infected tens of thousands of computers in nearly 100 countries. REUTERS/Kacper Pempel/Illustration

පකිස්තානයේ අන්තර්ජාල පරිශීලකයින් VPN භාවිතය සම්බන්දයෙන් බියට පත්ව ඇතැයි වාර්තා වනවා.

ඊට හේතුව වන්නේ VPN භාවිතය සීමා කරන බවට එරට විදුලි සන්දේශ අධිකාරිය මගින් අනතුරු අගවා තිබීම හේතුවෙන්.

අනුමත උපදෙස්වලින් බැහැරව VPNභාවිත කරන්නේ නම් එය සිය කොමිසමේ රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බව ද නිවේදනයන් නිකුත් කරමින් පකිස්තානයේ විදුලි සන්දේශ නියාම කොමිසම පවසා තිබෙනවා.

එමෙන්ම පකිස්තානය තුළ VPN භාවිත කරන පුද්ගලයින් වෙත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වාදීමටයි එරට විදුලි සන්දේශ අධිකාරිය පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්, විදේශ දූත මණ්ඩල සහ VPN භාවිතා කිරීමට කැමැත්තෙන් පසුවන වෙනත් පාර්ශවයක් වේ නම් ඔවුන් ඔක්තෝබර් 31 වන දිනට පෙර මාර්ගගත අයදුම්පතක් භාවිතා කර ඒ සඳහා ලියාපදිංචි විය යුතු බව ද පකිස්තානයේ විදුලි සන්දේශ නියාම කොමිසම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව VPN ජාලයන් භාවිතය සීමාපැනවීම්වලට ලක්වුවහොත් අන්තර්ජාලය හරහා හුවමාරු වන සිය පෞද්ගලික දත්ත මැකී යාමට හෝ එම දත්ත රහස් කේත බවට පරිවර්ථනය වීමේ අවදාමක් පවතින බවයි එරට අන්තර්ජාල පරිශීලකයින් පවසන්නේ.

පකිස්තානය තුළ අන්තර්ජාල භාවිතා කරන්නන් බොහෝ පිරිසක් පොදු ස්ථානවලදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වලට පිවිසෙන්නේ VPN භාවිත කරමින්.

ඒ, සිය පුද්ගලිකත්වය සහ පෞද්ගලික දත්ත ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින්.

පකිස්තානයේ අන්තර්ජාල භාවිත කරන්නන් බොහෝ විට තහනම් වෙබ් අඩවි වෙත පිවිසීමට ද VPN භාවිත කරන බව එරට සයිබර් ආරක්ෂණ විශේෂඥ සහ පර්යේෂකයින් පවසනවා.

කෙසේවෙතත් පකිස්තානයේ විදුලි සන්දේශ අධිකාරිය මගින් පනවන මෙම වාරණ හෙළා දකින බවයි මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ.

ඒ හරහා ජනතාවගේ මූලික අයිතීන් වන චින්තනයේ හා භාෂණයේ නිදහස උල්ලංඝණය වන බව ද ඔවුන් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here