Tuesday, October 22, 2024

ඉස්ලාම් නිකායික ප්‍රචණ්ඩත්වය කලාපයේම වෛරය පතුරුවන බවට ‍අනාවරණයක්

පකිස්තානය තුළ වර්ධනය වෙමින් සහ පැතිරෙමින් ඇති ඉස්ලාම් නිකායික ප්‍රචණ්ඩත්වය රට තුළ ත්‍රස්තවාදය පෝෂණය වීමට බලපාන බවත්, එය කලාපය තුල වෛරය පතුරුවා හරින බවත් නවතම අධ්‍යනයක් හෙළි කර තිබේ.

පකිස්තානය තුළ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ එය තවදුරටත් වර්ධනය විය හැකි බව බ්‍රසල්ස් පදනම් කර ගත් International Crisis Group පෙන්වා දෙයි.

ඔවුන් නිකුත් කර ඇති වාර්තාවක් පෙන්වා දෙන්නේ පකිස්තානය තුළ ක්‍රියාත්මක සුන්නි මුස්ලිම් කණ්ඩායම්, TTP සහ TLP වැනි කණ්ඩායම් වල තරගකාරී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එරට සියලු රාජ්‍ය ආයතනය වගකිව යුතු බවයි.

පකිස්ථානයේ මැතිවරණ කොමිසම විසින් TLP පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස පිළිගෙන ඇත්තේ එහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා තිබියදී බව ද එම අදාළ වාර්තාවල සදහන්.

නිකායික ප්‍රචණ්ඩත්වය පතුරුවන ඉස්ලාම් කණ්ඩායම් වල අත්තනෝමතික ක්‍රියා හමුවේ පකිස්තානය තුළ වෙසෙන ෂියාවරුන් ඇතුළු මුස්ලිම් සුලු ජන කොටස් අවදානමට ලක්ව සිටින බව ද International Crisis Group පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles