ඉන්දියාව රසායනික සහ ඛනිජ නිෂ්පාදනයේ නව පිම්මකට සැරසේ.

0
260

ඉන්දියාව ගෝලීය නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රසායනික හා ඛණිජ රසායනික ද්‍රව්‍ය ක්ෂේත්‍රයට හැකි බව එරට සෞඛ්‍ය, රසායනික හා පොහොර අමාත්‍ය මන්සුක් මන්ඩාවියා පවසයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ “ඉන්දියාවේ නිපදවමු – ලෝකයට නිපදවමු” යන දැක්මට සමගාමීව එය සිදුකළ හැකි බව ද ඔහු පෙන්වා දී තිබේ.

රසායන ද්‍රව්‍ය හා ඛණිජ රසායන ද්‍රව්‍ය උපදේශක සන්සදයේ හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා රසායනික හා ඛණිජ රසායනික ද්‍රව්‍ය ක්ෂේත්‍රයට ප්‍රධාන කාර්යයභාරයක් පැවරී ඇති බවයි.

ගෝලීය වෙළදපල මෙහෙයවීම සදහා ඉන්දියාව තමන්ට ආවේණික ආකෘතියක් නිර්මාණය කර ගත යුතු බව ද අමාත්‍ය මන්සුක් මන්ඩාවියා පවසා ඇත.

ගෝලීය ඉල්ලුම සහ වෙනත් කර්මාන්තවල අවශ්‍යතාවන්ට සරිලන පරිදි අනාගත උපායමාර්ග නිර්මාණය කරන ලෙස ද ඔහු සමාගම්වලින් සහ රසායන ද්‍රව්‍ය හා ඛණිජ රසායන ද්‍රව්‍ය උපදේශක සන්සදයෙන් ඉල්ලා තිබේ.

එහිදී දේශීය අවශ්‍යතා සදහා ප්‍රමුඛත්වය ලබා දීමද වැදගත් බව ඔහු සදහන් කර ඇත.

අභියෝගවලට එරෙහිව නැගී සිටීම සඳහා ඉන්දියාවට හැකියාව ඇති බව ද අමාත්‍ය මන්සුක් මන්ඩාවියා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here