ඇෆ්ගනිස්ථාන දේශසීමා හරහා එල්ල වූ ප්‍රහාරයකින් පාකිස්තාන සොල්දාදුවෙක් මරුට

0
277

පාකිස්තානයේ උතුරු වසිරිස්තානයේ ඩ්වාටෝයි ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී පාකිස්තාන හමුදා සෙබළෙකු මියගිය බව අන්තර් සේවා මහජන සම්බන්ධතා (ISPR) ඒකකය පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ප්‍රහාරකයින් ඇෆ්ගනිස්ථානය තුළ සිට ආරක්ෂක හමුදාවන්ට වෙඩි තැබූ බවයි ISPR පැවසීය.

ආරක්‍ෂක අංශ ඊට සුදුසු ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූ අතර විශ්වාස කටයුතු බුද්ධි අංශ වාර්තාවලට අනුව ත්‍රස්තවාදීන්ට බරපතළ හානි සිදුව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මියගිය සෙබළා බලුකිස්තානයේ ජැෆරාබාද් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි නසාර් මුහම්මද් ලෙස හඳුනාගෙන ඇත.

පාකිස්තානයට එරෙහි ක්‍රියාකාරකම් සඳහා ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්ථාන භූමිය භාවිතා කිරීම පාකිස්තානය තරයේ හෙළා දකින අතර අනාගතයේදී එවැනි ක්‍රියාකාරකම් කිරීමට අන්තර්වාර ඇෆ්ගන් රජය ඉඩ නොදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ISPR නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here