Tuesday, April 30, 2024

ජම්මු-කාශ්මීර සිරගෙවල් වෙනස් වෙයි.

දරුණු ත්‍රස්තවාදීන් වෙනත් සිරකරුවන්ගෙන් වෙන් කර තැබීම නිසා පසුගිය වසර තුන තුළ ජම්මු සහ කාශ්මීරයේ සිරගෙවල්, රැඩිකල්කරණ මධ්‍යස්ථානවල සිට ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථාන බවට වෙනස් වී ඇති බව එරට වාර්තා පවසයි.

හිමාල කලාපයේ සිරගෙවල් සිරකරුවන්ගෙන් පිරී ඇති අතර, ඔවුන් රටට එරෙහිව ආයුධ අතට ගෙන හෝ බෙදුම්වාදය සහ දේශද්‍රෝහීත්වය දේශනා කිරීමෙන් ඉන්දියාවේ ස්වෛරීත්වයට අභියෝග කරනු ලැබූවන් බව පැවසේ.

එම සිරගෙවල්හි ප්‍රාන්තයේ පමණක් නොව, පාකිස්තානයෙන් සහ පාකිස්ථාන ආක්‍රමණය කර ඇති කාශ්මීරයෙන් පැමිණි බොහෝ දරුණු ත්‍රස්තවාදීහු රඳවා සිටිති.

එහෙත් පසුගිය වසර තුන ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් යූනියන් කලාප භූමියෙන් පිටත බන්ධනාගාර වෙත මාරු කර තිබේ.

2016 දී, ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ එවකට මෙහ්බූබා මුෆ්ටිගේ නායකත්වයෙන් යුත් රජය ත්‍රස්තවාදීන්ට වෙනත් සිරකරුවන් රැඩිකල් කිරීමට අවස්ථාවක් නොලැබෙන පරිදි ත්‍රස්තවාදීන් නවාතැන් ගැනීම සඳහා විශේෂිත බන්ධනාගාර පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබී අතර පසුව එය මෙළෙස ක්‍රියාත්මක විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles