සෝභිත හිමිට ප්‍රතිකාර කල වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ ගන්න අධිකරණයෙන් නියෝග.

0
351

අපවත් වී වදාළ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් ශ්‍රී ලංකාවේ රෝහල්වල වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගන්නා මෙන් අධිකරණය නියෝගයක් ලබාදී තිඛෙනවා.

සෝභිත හිමියන්ගේ මරණය සැක සහිත බව පවසමින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලා උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් රහස් පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මතයි මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ.

එම පැමිණිල්ල පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදී සොභිත හිමියන්ගේ අපවත්වීම සිදු වූ ආකාරය පිළිබඳව සොයා බැලීම පිණිස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලදි.

ඉන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉල්ලීමක් කළ එම කමිටුව, සෝභිත හිමියන්ට ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබුණා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගන්නා මෙන් පරීක්ෂණ කමිටුවට නියෝග කර තිඛෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here