තේජාස් ගැන ඉන්දියාවෙන් සහතිකයක්.

0
366

ඉන්දියාවේ නිෂ්පාදිත තේජාස් සැහැල්ලු යුද ගුවන් යානය යුද මෙහෙයුම් වලට සුදුසුතම ගුවන් යානයක් බව ඉන්දීය ගුවන් හමුදාව පවසයි.

ඉන්දීය ගුවන් හමුදාවේ ගෲප් කපිතාන් Syamantak Roy පවසන්නේ තේජාස් ලොව දියුණු මිසයිලවලින් ද සන්නද්ධ බවයි.

ඒ අනුව තේජාස් ගුවන් යානය කෙටිදුර තාප මිසයිල හා දිගු දුර දෘශ්‍ය පරාස මිසයිලවලින් සන්නද්ධ බව ද ඉන්දීය ගුවන් හමුදාව පවසයි.

මිසයිල වලට අමතරව බෝබ්බ රැගෙන යාමේ පහසුකම් සහිත තේජාස්, ගුවන් සහ ගොඩබිම් ඉලක්ක වෙත පහසුවෙන් ප්‍රහාර එල්ල කල හැකි බහුකාර්යය යුද ගුවන් යානයක් ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයක්

එමෙන්ම තේජාස් යනු ඉන්දීය ගුවන් හමුදාවේ සටන් බලකාය රටපුරා සාර්ථකව විහිදුවා හැරිය හැකි සන්නද්ධ ගුවන් යානයක් බව ද ගෲප් කපිතාන් Syamantak Roy පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here