ඩීව් සහ ගජධීර පාද යාත්‍රාවට නෑ

0
362

ඩිව්ගුණසේකර සහ චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරුන් හැරුණුවිට කොමියුනිස්ට් පක්ෂයේ සියලුමදෙනා 28 වන දින පාදයාත්‍රාවට එකතුවන බව සමාජවාදී ජනතා පෙරමුණේ මහලේකම්,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා පවසයි.

අද(26)කොළඹදී මාධ්‍යවේදියෙකු විසින් පාදයාත්‍රාවට සහභාගි නොවන බව කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඩිව් ගුණසේකර හිටපු අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ කොල්ලුරේ මහතා මේ බව සඳහන් කළේය.

ජූලි මස 28 වන දින  ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව මහනුවර සිට කොළඹ දක්වා පැමිණීමට පාදයාත්‍රාවක් සංවිධානය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එකම පක්ෂය තුළ වුවද විවිධ ස්ථාවර දකින්නට ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here