බෞද්ධ උරුම නටඹුන් ඉන්දියාවෙන්…

0
334

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ වන රක්ෂිතයකින්, වසර 1,500 කට වඩා පැරැණි පුරාණ බෞද්ධ විහාරයක නටබුන් සොයාගත් බව ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම බෞද්ධ විහාරයේ නටබුන් දක්නට ලැබෙන්නේ හින්දු අධිරාජ්‍යයක නටබුන් සමඟ යැයි ඉන්දීය පුරාවිද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

බෞද්ධ විහාරයේ නටබුන් හමුවුණු ස්ථානයේ, හින්දු කෝවිල්වල නටබුන් 26 ක්, ලෙන් 26 ක්, ස්තූප 2 ක්, ශිලා ලිපි 24 ක්, පිළිම සහ ගල් කැටයම් 46 ක් සහ දිය පොකුණු 19 ක් ද ඇතැයි පැවැසෙයි.

නටබුන් සොයාගෙන ඇත්තේ බණ්ඩව්ගාර් වන රක්ෂිතයෙනි. මෙම රක්ෂිතය ඉන්දීය ව්‍යාඝ්‍රයන් සඳහා ප්‍රකටය.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ, මාස ගණනක ගවේෂණයකින් පසු ඔවුන්ට මෙම නටබුන් හමුවුණු බවය.

වනාන්තරයේ මෙම ප්‍රදේශය මීට පෙර ගවේෂණය කෙරුණේ 1938 වසරෙන් පසුව යැයි ද පැවැසෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here