කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද ( 10) උදෑසන සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
මෙම මාර්ගයේ පාලමක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඉකුත් (07)වෙනිදා රාත්‍රියේ 8:30 සිට ඊයේ (09) පස්වරු 6 පමණ වන තුරු කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටස වසා තිබූ අතර මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා සීමා කර තිබූ බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
අලූත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව පළමුවරට කොළඹ කොටුවෙන් ඊයේ අද (09) රාත්‍රී අවිස්සාවේල්ල දක්වා දුම්රිය ධාවනය කිරීමට නියමිත බව ද දුම්රිය ප්‍රධාන පාලක කාර්යාලය පවසයි