Saturday, November 16, 2024

ඉන්දීය විදේශ ලේකම් , සීෂෙල්ස් සහ ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් පිරිසක් හමුවෙයි

ඉන්දියානු සාගර කලාපයේ අසල්වැසි රටවල් සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමේ අරමුණින්, සතියක කාලයක් ඉන්දියාවේ සංචාරයක යෙදී සිටින සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සමඟ එරට විදේශ ලේකම් විනේ ක්වාත්‍රා සාකච්ඡාවක් පවත්වා තිබේ.

අදාළ මාධ්‍යවේදීහු සතියක පමණ කාලයක් ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියහ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බාග්චි ට්වීට්ර් පණිවිඩයක් මගින් පැවසූයේ විදේශ ලේකම් සහ මාධ්‍යවේදීන් අතර පැවති හමුව, ඉන්දියානු සාගර කලාපයේ ඔවුන්ගේ අසල්වැසියන් සමඟ සමීප සබඳතා සඳහා වන තවත් පියවරක් බවයි.

ඉන්දියන් සාගරයේ වර්ධනය වන තරගකාරීත්වය මධ්‍යයේ, ඉන්දියාවේ උපාය මාර්ගික ගණනය සඳහා සීෂෙල්ස්හි වැදගත්කම අවතක්සේරු කළ නොහැකි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජනපද ගුවන් හා නාවික කඳවුර වන ඩියාගෝ ගාර්ෂියා සිට සැතපුම් 600 ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති ඉන්දියානු සාගර දූපත් සමූහය භූ දේශපාලන තරඟයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් පවතින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles