ගංවතුරේ බලපෑමෙන් පකිස්තානයේ රෝහල් පිරෙයි.

0
411
Naveed Ahmed, 30, a doctor, gives medical assistance to flood-affected woman Koonjh, 25, who is suffering from fever, at Sayed Abdullah Shah Institute of Medical Sciences in Sehwan, Pakistan September 29, 2022. REUTERS/Akhtar Soomro

දකුණු පාකිස්තානයේ කුඩා නගරයක් වන සෙහ්වාන්හි ප්‍රධාන රජයේ රෝහලේ හදිසි අනතුරු වාට්ටුව රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇතැයි වාර්තා වේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ දශක ගණනාවකට පසු රටේ ඇති වූ දරුණුතම ගංවතුරෙන් පසු වේගයෙන් පැතිර යන මැලේරියාව සහ අනෙකුත් රෝග හේතුවෙන් මංමුලා සහගත ලෙස ප්‍රතිකාර සොයමින් සිය ගණනක් මිනිසුන් රෝහලේ කාමර සහ කොරිඩෝවල සිරවී සිටින ආකාරය දැකිය හැකි බවයි.

අබ්දුල්ලා ෂා සෞඛ්‍ය විද්‍යා ආයතනයේ හදිසි ප්‍රතිකාර අංශයේ තරුණ වෛද්‍යවරයකු වන නවීඩ් අහමඩ් , සෑම උදෑසනකම ඔහුගේ සායනයට පැමිණෙන ඇස්තමේන්තුගත 300-400 රෝගීන්ගෙන් බොහෝ දෙනෙක්, මැලේරියාව සහ පාචනයෙන් පීඩා විඳින බව සදහන් කර තිබිණ.

ශීත ඍතුව එළඹීමත් සමඟ වෙනත් රෝග වඩාත් සුලභ විය හැකි බවට ද වාර්තා පළවී තිබේ.

ගංවතුරෙන් අවතැන් වූ මිනිසුන්ට ශීත කාලයට පෙර ඔවුන්ගේ නිවෙස් වෙත ආපසු යා හැකි යැයි තමන් බලාපොරොත්තු වන බවත් එසේ නොවුවහොත් ඔවුන් කූඩාරම්වල ජීවත් වීමෙන් ශ්වසන රෝග සහ නියුමෝනියාවට නිරාවරණය වනු ඇති බවත් පැවසේ.

ගංවතුර හේතුවෙන් සිය දහස් ගණන් පාකිස්ථානුවන් සිය නිවෙස් අතහැර පලා ගිය අතර ඔවුන් නවාතැන් ගැනීමට පිහිටුවා ඇති රජයේ කඳවුරුවල හෝ හුදෙක් එළිමහනේ ජීවත් වෙති.

ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 1700කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගංවතුර හේතුවෙන් ඇති වූ රෝග හේතුවෙන් පුද්ගලයින් 340 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව බලධාරීහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here