තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් ඉන්දියාවේ ජම්මු කාශ්මීරයට අභියෝගයක්

0
323

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු විවිධාකාරයේ අභියෝග වලට මුහුණ දීමට ජම්මු සහ කාශ්මීරයට සිදුවී ඇති බව මධ්‍යම සංචිත පොලිස් බලකායේ (CRPF) හිටපු අධ්‍යක්ෂ ජනරාල් කුල්දීප් සිං පවසා තිබේ.

පසුගිය සිකුරාදා සේවයෙන් විශ්‍රාම ගිය CRPF ප්‍රධානියා පැවසුවේ, ජම්මු සහ කාශ්මීරයේ අභියෝග වැඩි වීමට විදේශීය ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව ඉහල යාම හේතුවක් බවයි.

කෙසේ වෙතත්, වර්තමානයේ ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව ඉතා අඩු බව සිං අවධාරණය කළ අතර ක්‍රියාකාරී ත්‍රස්තවාදීන් සංඛ්‍යාව 200 දක්වා අඩු වී ඇති බව ද හෙළි කළේය.

කුල්දීප් සිං පැවසුවේ මෙම ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාවට විදේශීය භූමියට අයත් පුද්ගලයින් සහ ප්‍රදේශවාසීන් යන දෙපාර්ශවයම ඇතුළත් වන බවයි.

පසුගිය වසර කිහිපය තුළ විදේශීය සහ දේශීය ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව 230-240 ක් වූ ප්‍රවණතාවක් තිබූ නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වරින් වර ආරක්ෂක හමුදා විසින් උදාසීන කරන බැවින් එම සංඛ්‍යාව 200 ට වඩා අඩු මට්ටමක පවතින බව සිං වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here