සිසුවියක් දූෂණය කළ ගුරුවරයකු පාකිස්තාන පොලිස් අත්අඩංගුවේ.

0
321

පාකිස්ථානයේ කරච්චි නුවරදී 14 හැවිරිදි සිසුවියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් පාසල් ගුරුවරයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය පවසයි.

පසුගිය බදාදා කරච්චියේ සුර්ජානි නගරයේ දී මෙම සිදුවීම සිදු වී ඇති අතර ඩෝන් පුවත්පත වෙත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීයකු පැවසා තිබුණේ සිසුවියගේ පවුලේ අයගේ පැමිණිල්ල මත පොලිසිය ගුරුවරයාට එරෙහිව නඩුවක් ගොනු කර ඔහු රඳවා තබා ගෙන ඇති බවයි.

දැරියගේ ප්‍රකාශයට අනුව, පසුගිය මාස දෙක තුළ විත්තිකරු විසින් නාඳුනන මත් ද්‍රව්‍ය කිහිපයක් බීමට සහ එන්නත් ලෙස ලබා දී ඇය දූෂණය කර ඇති බව හෙළිවී තිබේ.

මේ අතර, පකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ඇටෝක් දිස්ත්‍රික්කයේ බන්ධනාගාර සේවකයන් සිරකරුවන් බැලීමට යන කාන්තාවන් දූෂණය කර හිරිහැර කළ බවට චෝදනා එල්ල වී ඇති බවට ද එරට මාධ්‍ය වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here