සරසවියේ 13000 ක් අද සිට වර්ජනයේ..

0
324

සියලුම විශ්වවිද්‍යාලයන්හි දහතුන් දහසක්‌ පමණ වන අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයන් අද සිට අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ආරම්භ කරනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා මාධ්‍යට පවසා ඇත්තේ, ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය ඊයේ සවස කැඳවා තිබූ සාකච්ඡාව ද අවලංගු කළැයි තමන්ට දැනුම් දුන් බවයි. මෙම සාකච්ඡාව පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක්‌ තිබූ බව ඔහු සඬහන් කර ඇත.

මල්වත්තගේ මහතා සඳහන් කර ඇත්තේ, වැඩවර්ජනයේ යෙදෙන අනධ්‍යයන සේවකයෝ ඒ ඒ විශ්වවිද්‍යාල ඉදිරිපිට අද දහවල් උද්ඝෝෂණ පවත්වන බවත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්‌ඩුව ඉක්‌මන් විසඳුම් ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවත්ය. වැටුපට සාපේක්‍ෂ හිලව් දීමනාව වැඩි කිරීම, රාජ්‍ය සේවයේ නව වැටුප් ක්‍රමය විශ්වවිද්‍යාල පද්ධතියට ද ක්‍රියාත්මක කිරීම, රක්‍ෂණ ක්‍රමයක්‌ ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ මුල් කර ගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here