වැස්ස කරන හදි!

0
317

දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව අදත් (16) බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව  ඔහු කීවේය.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

කැලණි ගඟ ආශ්‍රිත ස්ථාන කිහිපයකින් පහත් බිම්යට වී ඇති අතර බියගම කොළඹ මාර්ගයේ කැලණිය පට්ටිපොල හා සිංහාරමුල්ල ප්‍රදේශත් කොටිකාවත්ත ටී.සී මාර්ගය අද(15) පස්වරුවේ දිස් වූ අයුරු.

පිටත වටරවුම් අධිවේගී මාර්ගයට අයත් කඩුවෙල පිවිසුමෙන් සැහැල්ලු වාහනවලට ඇතුළුවීමට හෝ පිටවීමට බාධා පැමිණ ඇතැයි අධ්‍යක්ෂක අධිවේගී මාර්ග (නඩත්තු හා මෙහෙයුම්) නිහාල් ලොඩ්‍ර්රිික් මහතා පැවසීය.

එනමුත් පිටත වටරවුම් අධිවේගී මාර්ගයට කඩුවෙල කොළඹ මාර්ගයෙන්, කඩුවෙල පිවිසුමෙන් මාතර දිසාවට ගමන් ගන්නා වාහන රියදුරන්ට මෙන්ම මාතර දෙස සිට පැමිණ කඩුවෙල කොළඹ මාර්ගයට ඇතුළුවීමට පැමිණෙන වාහන රියදුරන්ට මේ වන විට බාධාවක් නැතැයි අධ්‍යක්ෂක වරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here