ඩිල්ෂාන්ට ලෝක කුසලානය අහිමිවෙයි… බිනුර එයි!

0
692

ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ. 

මෙම ආබාධය සිදුව තිබෙන්නේ ඊයේ(15) පැවති පුහුණුවීම් අතරතුරදීය.

ඒ අනුව, 22 හැවිරිදි වියේ පසුවන මධුශංකට සිය කුළුදුල් ලෝක කුසලාන තරගාවලිය  අහිමි විය. 

මේ අතර ලෝක කුසලානය ආරම්භ කරමින් දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා නැමීබියා තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් විය.

පළමු වර පන්දුවට පහදුන් නැමීබියාව පන්දු වාර 20 අවසානයේ ලකුණු 164 /7 ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here