රවිරාජ් නඩුව සැප්තැම්බර් 08

0
467

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විත්තිකරුවන් 03 දෙනෙකු නොමැතිව එම නඩුව සැප්තැම්බර් මස 08 වැනිදා සිට විභාග කිරිමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා.

ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක හමුවේ අද සලකා බැලූණු අවස්ථාවේදීයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය පසුගියදා අධිචෝදනා භාර දුන්නා.

ඉතිරි විත්තිකරුවන් තුන්දෙනාට අධි චෝදනා භාරදීම සඳහා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණත් ඔවුන් ඉදිරිපත් නොකිරීම නිසයි මෙලෙස නඩු විභාගය සඳහා දින නියම කරනු ලැබුවේ.

2006 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ රියදුරා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු චෝදනා 04ක් යටතේ විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා.

දැනට මෙම නඩුවේ එක් විත්තිකරුවෙකු ඇප මත මුදාහැර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here