ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පසුගියදා තමන් චීන මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවත් අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව බවය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ සියඹලාණ්ඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතුමඩ, වීරකඳවල අවට වගා භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණේ හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමගිනි.
මොණරාගල දිස්ත්‍රික්කය තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය හා කෘෂිකර්මාන්තයට අදාළව පවතින වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡාවකට එක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ, වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්රමුඛ නියෝජිත පිරිස ද ඊයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරටට ණය ලබාදී ඇති ප්‍රධාන රටවල් 3 වන චීනය, ඉන්දියාව සහ ජපානය සමඟ මූලික සාකච්ඡා කළ බවය.