Saturday, November 16, 2024

කජීමාවත්තේ ගෙවල් බිස්නස්!

ගිනි ගැනීමට ලක්වූ මෝදර මාදම්පිටිය කජීමා වත්තේ පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකුට කුමන හෝ ස්ථානයක නිවසක් ඇති බව අනාවරණ වී තිබෙනවා.

එම ගිනි ගැනීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදුන් වාර්තාවක දැක්වුණේ කජීමා වත්තේ පවුල් 214 ක් නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය යටතේ නිවාස ලබාගැනීමට අවම සුදුසුකම් හෝ සපුරා නොමැති බවයි.

ඒ අනුව නිවාස ලබාදීම සඳහා වන අවම සුදුසුකම් මොනවාද යන්න නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය යටතේ නිවාස ලබාගැනීමට අවම සුදුසුකම වන්නේ නිවසක් නොමැතිවීම බවයි.

අදාළ පවුල් 214 ට නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය යටතේ නිවාස හිමිව ඇති බවයි නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ. ඇතැම් පුද්ගලයින්  එම නිවාස ඔවුන්ගේ ඥාතීන් වෙත ලබාදී ඇති අතර තවත් පිරිසක් එම නිවාස කුලී පදනම මත වෙනත් පුද්ගලයින්ට ලබාදී තිබෙනවා.

මෙම පිරිසෙන් තවත් කොටසක් ලබාදුන් නිවාස අලෙවි කර ඇති බව ද නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සදහන් කළා. ඒ අනුව අමතර නිවසක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් අදාළ පවුල් 214 කජීමාවත්තේ පදිංචිව සිටි ඇති බවයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles