ඉන්ධන මිල අඩු කර කෝටාවත් වැඩි කරයි?

0
465

ත්‍රිරෝද සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ලබන සතියේ වැඩි කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

දැනට සතියක කාලයකට ලීටර් 5ක කෝටාවක් ත්‍රිරෝද රථයකට හිමි වන අතර එය ප්‍රමාණවත් නොවන ලෙස සඳහන් කරමින් ත්‍රිරෝද රථ රියැදුරන් ඉකුත් සතියේ ද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට සන්දේශයක් ද දී තිබුණා.

එසේ ම, මිල සූත්‍රයට අනුව ඉදිරියේදී ද කටයුතු කරන බවත් දැනට ආනයනික ඉන්ධන සඳහා යම් සහනයක් ලැබී ඇති බවත් එම සහනය ජනතාවට ලබා දෙන බවත් අමාත්‍යවරයා පවසයි.

සපුගස්කන්ද පිරිපහදුව වැසී යාම හේතුවෙන් භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන නිෂ්පාදනය කිරීමට නොහැකි වීම මත එම ඉන්ධන ආනයනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here