සික් ජාතිකයින්ගේ වන්දනා ස්ථානයක් වන Gurudwara හිදී එහි ගෞරවයට හානි කිරීමේ සිද්ධියක් පකිස්තානයේ හසන් අබ්දාල් ප්‍රදේශයෙන් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ “Lahore Lahore A” නම් චිත්‍රපටයක රූගත කිරීමක් සඳහා අදාළ සික් සිද්ධස්ථානයට පැමිණි රංගන ශිල්පීන් පිරිසක් එහි පාවහන් පැළඳ සික් දහමට නිග්‍රහ වන පරිදි කටයුතු කර ඇති බවයි.
සික් ආගම අනුව Gurudwara සිද්ධස්ථානයක් තුළ පාවහන් පැළඳීම තහනම් කටයුත්තකි.
අදාළ රූගත කිරීම සඳහා සිද්ධස්ථානය තුළට කලාකරුවන් දස දෙනෙකු පමණ පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා මුස්ලිම් ජාතිකයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔවුන්ගෙන් ඇතැමෙකු සිය හිස ආවරණය කර ගැනීමකින් හෝ තොරව සිද්ධස්ථානය වෙත ඇතුළු වූ බවට සික් වන්දනාකරු චෝදනා කරති.
ඔවුන් පවසන්නේ සික් දහමේ මූලධර්ම පිළිබඳ අවබෝධයක් නොමැති නම් සිද්ධස්ථානයේ රූගත කිරීම්වලට සහභාගී නොවීමට එම රංගන ශිල්පීන් වගා බලා ගත යුතුව තිබූ බවයි.
කෙසේවෙතත් අදාළ සික් සිද්ධස්ථානයට පැමිණ සිටි බැතිමතුන් මෙම රංගන ශිල්පීන් පිරිසගේ හැසිරීමට දැඩි විරෝධය පළ කර තිබේ.
එහිදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව ඇති අතර විරෝධය හේතුවෙන් රූගත කිරීමේ කටයුතු අතරමග නවතා දැමීමට ඔවුන්ට සිදුව තිබුණි.
අදාළ රංගන ශිල්පීන් පිරිසගේ අශෝභන හැසිරීම සික් සිද්ධස්ථානයේ සිටි බැතිමතෙකු පටිගත කර තිබුණි.
එම දර්ශන සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වීමත් සමග සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කතබහක් මතු විය.