අධ්‍යාපන මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඇෆ්ගනිස්තානයේ අඛණ්ඩ විරෝධතා.

0
306
Pakistani Shi'ite supporters of Imamia Students Organization (ISO) rise their hands as they chant slogans to condemn the Friday's blast at vegetable market in Quetta, during a protest in Karachi, Pakistan April 14, 2019. REUTERS/Akhtar Soomro

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක් වෙත එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව විරෝධතා මාලාවක් සංවිධාන කර ඇති බව වාර්තා වේ.

විරෝධතා සදහා සහභාගී වී සිටි ඇතැම් සිසුන් අධ්‍යාපන මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තවුන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් සියලුදෙනා කාබුල් නුවර වීථිවලට රැස්වී විරෝධතාවයේ නිරත වූ බව විදෙස් වාර්තාවල දැක්වේ.

කාජ් අධ්‍යාපන මධ්‍යස්ථානයට එල්ල වුනු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් මෙම විරෝධතා පැවැත්වෙන අතර එහිදී පුද්ගලයින් 60 දෙනෙකු මියගිය අතර ඉන් බහුතරයක් සිසුන් බව ද පැවසේ.

කෙසේවෙතත් මෙම විරෝධතා තලේබාන් සංවිධානය විසින් මර්ධනය කර ඇති අතර විදෙස් මාධ්‍ය පැවසුවේ තලෙයිබාන්වරුන් මෙහිදී විරෝධතාවල නිරත වූ සිසුන්ට පහරදී ඇති බවයි.

කෙසේවෙතත් තලේබාන් සංවිධානයේ බලපෑම් නොතකා විරෝධතාකරුවන් ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර ලබන රෝහලක් දක්වා පා ගමනකින් ගොස් ඇති බව ද පැවසේ.

මේ අතර අධ්‍යාපන මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව ඇෆ්ගන් කාන්තාවන් පිරිසක් ද කාබුල් අගනුවර දී විරෝධතාවයේ නිරත වී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඇෆ්ගනිස්තානයේ සුලු ජනකොටසක් වන හසාරා ප්‍රජාව නියෝජනය කරන කාන්තාවන් පිරිසක් විරෝධතාවට් එක්ව සිටි බවයි.

කළු ඇදුමින් සැරසුණු එම විරෝධතාකරුවන් සුලු ජන කොටස් ඉලක්ක කර සිදුකරන සමූල ඝාතනයන්ට විරුද්ධවත්, ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කර දෙන ලෙසත් බලකරමින් විරෝධතාවයේ නිරත වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here