තායිවාන සමුදා සන්ධිය තුළ චීනය සිදුකරන හිරිහැරකාරී ක්‍රියා පිළිබඳ අමෙරිකාවේ, ඔස්ට්‍රේලියාවේ සහ ජපානයේ දැඩි අවධානය යොමුව තිබේ.
ඒ රටවල් ත්‍රිත්වයේ ආරක්ෂක ප්‍රධානීන් අතර හවායි දී පැවැති විශේෂ හමුවකදීයි.
අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්ගේ ප්‍රධානත්වයෙන් හමුව පැවැති අතර ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය රිචඩ් මාල්ස් සහ ජපානයේ ආරක්ෂක අමාත්‍ය හමාදා යසුකාසු ද ඊට එක්ව ඇත.
තායිවාන සමුදා සන්ධිය තුළ සහ කලාපයේ ඕනෑම ස්ථානයක ඉහල යමින් ඇති චීනයේ ආක්‍රමණශීලී ක්‍රියාපිලිවෙත හා හිරිහැරකාරී ක්‍රියා සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා එහිදී අවධාරණය කර තිබේ.
එමෙන්ම රටවල් ත්‍රිත්වය අතර පවතින ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම ඉන්දු – පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය වෙනුවෙන් එකට එක්ව ප්‍රායෝගික පියවර ගැනීමට ද අමෙරිකානු, ඔස්ට්‍රේලියානු සහ ජපන් ආරක්ෂක ප්‍රධානින් එහිදී එකග වී තිබේ.
එහිදි ජපානය අවධාරණය කර ඇත්තේ නැගෙනහිර සහ දකුණු චීන මුහුදු සීමාව පිළිබඳ අවධානයෙන් පසුවන් බවයි.
එමෙන්ම කලාපයේ ඕනෑම ස්ථානයක් ඉලක්ක කර චීනය සිදු කරන හමුදාමය මැදිහත්වීම් හෝ ඒකපාර්ශවික ක්‍රියා දැඩිව ප්‍රතික්ෂේප කරන බව ජපානය එහිදී අවධාරණය කර තිබේ.