යුවාන් පහත වැටීම ගැන චීන ජනාධිපති කනස්සල්ලෙන්

0
302
Chinese 100 yuan banknotes are seen in a counting machine while a clerk counts them at a branch of a commercial bank in Beijing, China, in this March 30, 2016 file picture. REUTERS/Kim Kyung-Hoon/Files - GF10000370590

මේ මස අගදී පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සම්මේලනය හමුවේ, රෙන්මින්බි හෙවත් යුවාන් මුදල් ඒකකයේ පහත වැටීම, විශේෂ ගැටලුවක් වනු ඇති බවට වාර්තා පළවී තිබේ.

ෆිනෑන්ෂල් පෝස්ට් වාර්තා කළේ, තුන්වන වරටත් බලයට පත්වීමට සූදානම් වන චීන ජනාධිපති ෂී ජින්පින් මේ සම්බන්ධයෙන් දැඩි කලකිරීමට ලක්ව ඇති බවයි.

ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ එක්සත් ජනපදය පොලී අනුපාත ඉහළ නැංවීමෙන් පසු, වෙළඳුන් මුදල් ඩොලර් බවට පරිවර්තනය කිරීම හේතුවෙන් , යුවාන් ඩොලරයට සාපේක්ෂව සැප්තැම්බර් අවසාන සතියේ වාර්තාගත අවප්‍රමාණයකට ළඟා වී ඇති බවයි.

මෙම වැටීම පැමිණෙන්නේ එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ ආක්‍රමණශීලී ඉහල දැමීම් වලින් පසුව ලොව පුරා ප්‍රධාන මුදල් ඒකක අඛණ්ඩව පහත වැටීම හේතුවෙනි.

මෙම පසුබිම තුළ ලබන වසරේ චීනයේ ආර්ථිකය තවත් ගැටලුවලට මුහුණ දෙනු ඇති බවට අනාවැකි පළවී ඇති අතර ඒ අනුව මේ වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5 සිට සියයට 2.8 දක්වා අඩු වනු ඇති බවට ද පුරෝකථනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here