පාකිස්ථානයේ පන්ජාබ් පළාතේ සති දෙකකට වැඩි කාලයක සිට නෝර්වේජියානු ජාතිකයෙකු අතුරුදහන් වී ඇති අතර, අතුරුදහන් වූ පුද්ගලයා පාකිස්තාන සම්භවයක් ඇති අයෙකු බව එරට මාධ්‍ය පවසයි.
ඩෝන් පුවත්පතට අනුව අර්ෆාන් කදීර් භාට්ටි ලෙස හදුන්වනු ලබන මොහු ජුනි මාසයේදී ඔහුගේ දරුවන් තිදෙනා සමඟ පාකිස්තානයේ ගුජ්රාට් නගරයට පැමිණි අතර ඔහුගේ සහෝදර සහෝදරියන් සහ මව නෝර්වේ හි රැඳී සිටි බව ඔහුගේ ඥාතියෙකු පවසා තිබේ.
සැප්තැම්බර් 26 වන දින අර්ෆාන්ගේ ඥාතියෙකු විසින් ඩියෝනා මැන්ඩි හි රෙහ්මානියා පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, ඔහු තම දරුවන් පාසලට රැගෙන ගිය බවත් ඉන් පසු අතුරුදහන් වී ඇති බව පවසා ඇත.
මේ අතර නෝර්වේජියානු මාධ්‍ය උපුටා දක්වමින් ඩෝන් වාර්තා කළේ අර්ෆාන් පාකිස්තානයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් විසින් රඳවාගෙන සිටින බවට ද තොරතුරු පවතින බවයි.