මහජන චීන සමූහාණ්ඩුවේ 73 වැනි සංවත්සරය වෙනුවෙන් ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු සහ අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පිරිනමන ලද සුබපැතුම් ඉන්දියාවේ චීන තානාපති සන් වෙයිඩොන්ග් විසින් අගය කර තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වොයිඩොන්ග් මෙලෙස ඉන්දීය නායකයින් හට ස්තුති කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කොමියුනිස්ට් පක්ෂ පාලනයේ 73 වැනි සංවත්සරය වෙනුවෙන් චීනය ජාතික දිනය සමරනු ලැබුවේ ඔක්තෝබර් 1 වැනිදාය.
චීන මාධ්‍ය ආයතනයක් වන චයිනා ඩේලි පුවත්පතට අනුව, විවිධ රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල නායකයින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් සහ මහජන චීන සමූහාණ්ඩුවේ සභාපති ෂී ජින්පින්ග් වෙත දුරකථන ඇමතුම් හෝ ලිපි මගින් එහි 73 වන සංවත්සරයට උණුසුම් සුබපැතුම් එක් කර තිබේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් රොමුවාල්ඩෙස් මාකෝස්, මැලේසියාවේ රාජ්‍ය නායක සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා, පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු සහ අගමැති නරේන්ද්‍ර මෝදි සහ නේපාල ජනාධිපති බිද්‍යා දේවි භණ්ඩාරි යන නායකයෝ ඒ අතර වෙති.