ඉන්දියාවෙන් කැනඩාවට විරෝධය

0
486
New Delhi, Oct 11 (ANI): Prime Minister Narendra Modi addresses the UN World Geospatial International Congress, via video message, on Tuesday. (ANI Photo)

ඉන්දියාවෙන් කැනඩාවට විරෝධය

කැනඩාවේ ඉන්දීය විරෝධී බලවේග විසින් කලිස්තානය සඳහා වූ ඊනියා ජනමත විචාරණයක් පැවැත්වීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් කැනඩාවට සිය කනස්සල්ල පළ කළ බව ඉන්දියාව පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බාග්චි පැවසුවේ, ඉන්දියාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයට මෙන්ම ඔටාවාහි කැනේඩියානු රජය සමඟ ද ඉන්දියාව මේ පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි.

නවදිල්ලියේදී සතිපතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බාග්චි කියා සිටියේ ඉන්දියාව මෙම තොරතුරු මීට පෙර ප්‍රසිද්ධියේ ඉදිරිපත් කර ඇති අතර ජනමත විචාරණය පිළිබඳව බරපතල කනස්සල්ල මතු කර ඇති බවයි.

නොවැම්බර් 6 වැනිදා ඔන්ටාරියෝ හි ඉන්දීය විරෝධීන් විසින් කරන ලද ඊනියා “කලිස්තාන් ජනමත විචාරණ” නතර කරන ලෙස ඉන්දියාව කැනඩාවෙන් ඉල්ලා ඇත.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කරන ලෙස ඉන්දීය රජය කැනේඩියානු රජයෙන් ඉල්ලා තිබෙන බව ද විදෙස් වාර්තාවල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here