Friday, September 20, 2024

නෙළුම් කුළුණ බලන්න යනවා නම් ඔබ දැනගත යුතුදෙයක් ගැන පණිවිඩයක්..

කොළඹ නෙලුම් කුලුන විවෘතව තබන කාලසීමාවන් සංශෝධනය කර තිබෙනවා. ඒ් අනුව සඳුුුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිටරාත්‍රි 09 දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කරන අතර රාත්‍රී 10.00 තෙක් නැරඹීමේ අවස්ථාව පවතිනවා.

සෙනසුරාදා හා ඉරිදා දිනයේදී පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 තෙක් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන අතර රාත්‍රී 11.00 දක්වා නැරඹීමේ අවස්ථාව පවතින බවයි කොළඹ නෙලුම්කුළුන කළමනාකරණ පුද්ගලික සමාගම සඳහන් කළේ. මේ අතර නෙළුම් කුලුන පරිශ්‍රය සඳහා පැමිණීමේදී අතරමැදියන් සම්බන්ධ කර නොගන්නා ලෙසටද එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම නිවේදනය මගිල් අදාළ සමාගම වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ චාරිකා සඳහා කල්වේලා ඇතිව ටිකට් පත් වෙන්කරවා ගැනීම සඳහා පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකි බවයි.

074 201 9743 (ඇමතුම්/වට්ස් ඇප්) 011 242 7874

[email protected]

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles